“වෙලාවක් නැත” යැයි කීම නිදහසට කරුණක් නොවේ

දෙසැම්බර් 22, 2020
  • හුදු වාණිජත්වයෙන් බැහැරවූ කලා නිර්මාණ සැමවිටම හදවතට කථා කරයි
  • තරුණ පරම්පරාව බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට දිරිමත් කර ඔවුන්ගේ සහජ කුසලතා ඇගයීමට ලක් කරන්න

හොඳ කලා නිර්මාණයක් කිරීමට කාලය ගැටළුවක් නොවන බව ආරක්ෂක ලේකම් සහ ජාතික ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඔහුගේ කාර්යයබහුලත්වය අතරතුර ප්‍රකාශයට පත් කරන ලද තම කෘතීන් පිළිබද උදාහරණ දෙමින් ප්‍රකාශකරන ලදී.  

“කලාකරුවෙකුගේ / කතුවරයකුගේ කාර්යභාරය වන්නේ පර්යේෂණ මත පදනම් කරගත්, හරවත්, කලාත්මක ලේඛන තුළින් වඩා හොඳ සමාජයක් ගොඩනැගීමයි” යනුවෙන් කතුවරයකුගේ වගකීම පිලිබඳව අවධාරණය කරමින් ඔහු පවසන ලදී.
 
මේජර් ජෙනරාල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 22) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති නවකතාකරුවන්/ කතුවරුන් ඇගයීමට ලක් කිරීම සඳහා සංවිධානය කරන ලද උත්සවයකදී  මේ බව ප්‍රකාශ කළේය.
 
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් , ඔහු “ශ්‍රේෂ්ඨ  කලා නිර්මාණ සෑම විටම තැවුනු සිත් තුලට සාමකාමී වාතාවරණයක් ගෙනදෙනු ඇත” යනුවෙන් සඳහන් කළේය.  

“හුදු වාණිජත්වයෙන් බැහැරවූ කලා නිර්මාණ සැමවිටම හදවතට කථා කරයි” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කළේය.  
 
හිටපු ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික කතුවරුන් ආදර්ශවත් චරිත ලෙස සිහිපත් කරමින් ඔහු පැවසුයේ, ඔවුන්ගේ කීර්තිමත් නම් සහ ඔවුන්ගේ නිර්මාණ තවමත් අපගේ ජීවන මතකයන් තුළ පවතින බවය.

මෑත කාලීන අවධානයට ලක් නොවූ සමකාලීන කතුවරුන් ඇගයීම සදහා මෙවැනි විශාල උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට තම කෘතඥතාව පළ කළේය.
 
එවැනි කලා කුසලතා ඇති පුද්ගලයින්ට අත දීම අපගේ යුතුකම වන අතර ඔවුන්ට ප්‍රසිද්ධ වේදිකාවලට පිවිසීමට මාර්ග විවෘත කළ යුතුය. යනුවෙන්ද ඔහු ද සඳහන් කළේය.
 
සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයට අයත්, කැපී පෙනෙන හා කීර්තිමත් කලා නිර්මාණ හා කාව්‍ය සංග්‍රහයන් පිළිබද ඉස්මතුකරමින් නව පරපුරට හොඳ කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට දිරිගන්වන ලෙස ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
 
වඩා හොඳ අනාගතයක් උදෙසා තරුණ පරපුර බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කර ඇගයීමට ලක් කල යුතු බව ඔහු අවධාරණය කළේය.

පූජනිය මහා සංඝ රත්නය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදේශක මහින්ද මදිහහේවා, බටහිර පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු, සංස්කෘතික සහ කලා සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, සිරිසෝම ලොකුවිතාන සහ ප්‍රාදේශීය හා රාජ්‍ය නිලධාරීන් සහ කීර්තිමත් ආරාධිතයින්, කලාකරුවන්, කතුවරුන් සහ සිසුන් මෙම අවස්ථාවට ද සහභාගී විය.