ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක්

දෙසැම්බර් 24, 2020

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමය විසින් අද (දෙසැම්බර් 24) දින ආරක්ෂක අමාත්‍යාංශයට පුද්ගලික ආරක්ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ ස්වාමින්වහන්සේ වෙතින් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම පරිත්‍යාගය ලබා ගත්තේය.

‘සුවවිරු සුරැකුම’ සංවිධානයේ අනුග්‍රහය යටතේ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙම පරිත්‍යාගයට දායක වී තිබේ.

මෙම අවස්ථාවට වාද්දුව සමුද්‍රාරාම මහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ගම්මන විජයධම්ම ස්වාමින්වහන්සේ, දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමයේ සභාපති සහ Client Service ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රභාත් එදිරිසිංහ මහතාද සහභාගී විය.