ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ‘ජෙනරාල්’ නිලයට උසස් කෙරේ

දෙසැම්බර් 28, 2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව මීට සුළු මොහොතකට පෙර (දෙසැම්බර් 28) ජෙනරාල් තනතුරට උසස් කර ඇත.

ඔහුගේ හැකියාව, ධෛර්යය, කැපවීම සහ පරිපූර්ණ වෘත්තීයභාවය මෙන්ම භාරධූර වගකීම් සහිත ඕනෑම තනතුරක වැඩකිරීමේ ඔහු සතු හැකියාව කෙරෙහි විශ්වාසය තබමින් ජනාධිපති රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් ගුණරත්න මහතාව රටේ ආරක්ෂක අංශයේ ඉහළම තනතුර වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කරන ලදි.

2019 නොවැම්බර් 20 වන දින ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ ජෙනරාල් ගුණරත්න මහතා සිය ධුරයේ පළමු වසර සම්පූර්ණ කර ඇත.

ජෙනරාල්  ගුණරත්න මහතා විසින් ඔහුගේ කීර්තිමත් යුද හමුදා දිවියේ දී කරන ලද විශිෂ්ඨ සේවය සහ වර්ථමානයේ ඔහු දරන රජයේ තනතුරු වලදී  මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරන ලද  විශිෂ්ඨ සේවය මෙම නිල උසස් වීම සදහා සාක්ෂියකි.