ආරක්‍ෂක ලේකම් පුජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගනී

දෙසැම්බර් 29, 2020

ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අද (දෙසැම්බර් 29) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී  පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නා ලදි.

දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් ආරක්‍ෂක ලේකම් පිළිගෙන එතුමන් සමග පූජනීය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ඇතුල් කුටියේදී වන්දනා කටයුතු සිදුකරන ලදි.

අනතුරුව ජෙනරාල් ගුණරත්න මහතා අස්ගිරි පාර්ශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්, මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සහ අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ අනුනායක වේඩරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි හිමියන් යන ස්වාමින් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබාගත්තේය.

ආරක්‍ෂක ලේකම්තුමන් ඊයේ (දෙසැම්බර් 28) දින ‘ජෙනරාල්’ තනතුරට උසස් වීමෙන් පසු මෙලෙස බෞද්ධාගමික ප්‍රධාන නාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගන්නා ලදි.