ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මැයි 02, 2019

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (මැයි 02) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි අතර රාජකාරිමය වශයෙන් දෙපාර්ශවයට වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.