‘දීඝවාපිය ස්ථූප’ ප්‍රතිසංස්කරණ අරමුදලට මිලියන 1.6 ක පරිත්‍යාගයක්

ජනවාරී 08, 2021

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම බෞද්ධ සංගමය විසින් අද (ජනවාරි 08) දින ආරක්ෂක අමාත්‍යංශයේදී දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ අරමුදල සදහා රුපියල් මිලියන 1.6 ක් වටිනා චෙක්පතක් පරිත්‍යාග කළේය.

ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත් පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පැමිණ සිටි බෞද්ධ නියෝජිතයින්ගෙන් මෙම පරිත්‍යාගය ලබා ගන්නා ලදී.

කොරියාවේ, ඩයිහාන්බුල්ජියෝ ජොගියේජන්, බොරිම්සා වාන්ජියම්, බොරිෂුහෝ විසින් මෙම සැසිය අතරතුර ආරක්ෂක ලේකම් වෙත පරිත්‍යාගය ලබාදෙන ලදී.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකාරාම විහාරාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ ස්වාමින්වහන්සේ, වාද්දුව සමුද්‍රාරාම මහා විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ගම්මන විජයධම්ම ස්වාමින්වහන්සේ, ආරක්ෂක අමාත්‍යාංශයේ  මාධ්‍ය අධ්‍යක්ෂ සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ, නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිලධාරී කර්නල් ප්‍රියංජිත් හැන්නදිගේ සහ කොරියානු බෞද්ධ සංගමයේ නියෝජිතයින් මම අවස්ථාව සදහා සහභාගී වූහ.