නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ජනවාරී 15, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, අද (ජනවාරි 15) දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.

ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් රියර් අද්මිරාල් වීරසිංහ මහතා වෙත අද පෙරවරුවේ නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී පත්වීම් ලිපිය ලබා දෙන ලදී.