ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායකවරයා ආරක්ෂක ලේකම් හමුවේ

ජනවාරී 15, 2021

ආරක්ෂක සේවා අණදෙන හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් අයි.එච්.එම්.එන්.එන්. හේරත් මහතා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 15) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

මෙම අවස්ථාවේදී  ජෙනරාල් ගුණරත්න මහතා, මේජර් ජෙනරාල් හේරත්ට සිය නව පත්වීම් සඳහා උණුසුම් සුභපැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ සේනා විධායකවරයා  අතර සිහිවටන හුවමාරු කර ගැනීමද සිදු විය.