යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී

ජනවාරී 19, 2021

යුද හමුදා මූලස්ථානයේ 57 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ගැමුණු හේවා බළඇණියේ මේජර් ජෙනරාල් සෙනරත් බන්ඩාර ඊයේ (ජනවාරි 18) දින වැඩ භාර ගත්තේය.

යුධ හමුදාවේ දෙවන තනතුර වන මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වීමට පෙර ඔහු යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස සේවය කළේය.

වසර 35 ක හමුදා සේවා කාලය තුළ මේජර් ජෙනරාල් බණ්ඩාර යුධ හමුදාවේ ප්‍රධාන තනතුරු ගණනාවක් හොබවා ඇති අතර ඔහු 2015 සිට 2017 දක්වා කාලය තුල පාකිස්තානයේ ඉස්ලාමාබාද්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කර ඇත.

ඔහුට සුබ පැතිම සඳහා හමුදා නිලධාරීන් ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි විය.