ජාතික ශිෂ්‍ය භට බලකායේ නව අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක ලේකම් හමුවේ

ජනවාරී 19, 2021

ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර මහතා රාජකාරිය භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (ජනවාරි 19) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී හමුවිය.

එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ජෙනරාල් ගුණරත්න සහ මේජර් ජෙනරාල් ජයසුන්දර අතර සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

Sinhala.