ගුවන් හමුදා ලේ දන්දීමේ වැඩසටහනක් සීගිරියේදී

ජනවාරී 20, 2021

ඕනෑම හදිසි තත්වයකදී අවශ්‍යවන රුධිර සංචිතයන් පවත්වා ගැනීම සඳහා සීගිරිය ගුවන් හමුදා භට පිරිස් මෑතකදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

කපුවත්ත ශ්‍රී ආනන්දාරාම විහාරයේ පූජ්‍ය බෙරලපනාතර මේධන්කර හිමියන්ගේ ඉල්ලීමකට අනුව සීගිරිය ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරිගේ මඟ පෙන්වීම මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සදහා ගුවන් හමුදා සාමාජිකයන් ඇතුළු සිවිල් පුද්ගලයින් විශාල පිරිසක් සහභාහි විය.