වෛරස ආසාදනයෙන් සුවය ලැබූවන් ගණන 47,214 ක් දක්වා ඉහළට

ජනවාරී 21, 2021

අද (ජනවාරි 21) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 770 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 55,188 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සිටින අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් 270 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 80 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 56 ක් සහ දිවයිනේ අනෙක් ප්‍රදේශ වලින් 362 ක් වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය අද (ජනවාරි 21) දින ප්‍රකාශ කරන ලදි.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ පොකුරු ආශ්‍රිත ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 51,307 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 45,117 දෙනෙකු පූර්ණ සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඊයේ (20) දින තවත් PCR පරීක්‍ෂණ 18,072 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

මේ අතර, අද උදෑසන විදේශ රටවල සිට මෙරටට පැමිණි මුළු සංඛ්‍යාව 106 ක් වන අතර, ඒ අතුරින් 76 දෙනෙකු සෞදි අරාබියේ සිටත්, කොරියාවේ සිට 13 ක්  සහ 17 දෙනෙකු කටාර් සිට ද පැමිණ ඇත. ඔවුන් සියල්ලන්ම ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

ඊයේ දිනය තුළ වෛරසයෙන් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 621 කි.

මේ වනවිට රට තුළ වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පුද්ගලයින් ගණන 47,214 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදිත රෝගීන් 7,700 ක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 96 ක් යටතේ පුද්ගලයින් 7,842 ක් නිරෝධායනය කරනු බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

පසුගිය පැය 24 තුළ මෙරටින් කොරෝනා මරණයක් වාර්තා වූ අතර, ඒ අනුව රටේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගොස් තිබේ.