කන්දන්කුලම් වැව් බැම්ම පුපුරා යාම යුද හමුදාවෙන් වළක්වයි

ජනවාරී 22, 2021

කිලිනොච්චි සෙල්වනගර් හි කන්දන්කුලම් වැව් බැම්මේ අවදානම් සහිත ස්ථාන වලට වැලි මලු තබමින් වැව් බැම්ම පුපුරා යාම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඊයේ (ජනවාරි 21) දින සිදු කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් මෙම ආපදා තත්වය අවම කිරීම සඳහා යොදවා තිබුණි.

ඒ අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්වීම මත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සහ 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මෙම කාර්යභාරය සඳහා අනුයුක්ත කර තිබුණි.

ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු විසින් මෙහෙයවන ලද මෙම මෙහෙයුමට ගම්වාසීන් ද සහයෝගය දැක්වීය.