ගුවන් හමුදා වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය ආරක‍්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ජනවාරී 25, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් (Eagles’ Golf Links) විසින් සත්කාරකත්වය දරණ ත්‍රිකුණාමලය චීන වරායේ පැවති  ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය - 2021 හි ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී විය.

ගොල්ෆ් ක්‍රිඩකයින් 82 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ ආරම්භය ජෙනරාල් ගුණරත්න මහතා විසින් සනිටුහන් කරනු ලැබීය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ‘Eagle’s Bay View Resort’ හිදී පැවති ත්‍යාග ප්‍රධානොත්සවයටද සහභාගී විය.

මෙම අවස්ථාවට චිත්‍රානි ගුණරත්න මහත්මිය, චාමිනි පතිරණ මහත්මිය සහ හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරුන් ද සහභාගී වුහ.