‘ආරක්ෂක සමාලෝචන 2020’ එළිදැක්වේ

ජනවාරී 27, 2021
  • සාම්ප්‍රදායික ජාතික ආරක්ෂක සංවාදය දේශීය හා ගෝලීය විශේෂඥතාවයෙන් යුත් පුළුල් හා සහයෝගීතා වේදිකාවක් බවට පරිවර්තනය කිරීම
  • සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳව වර්තමාන තත්වය  තුළ ඇති ප්‍රධාන ගැටළු

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් අද (ජනවාරි 27) දියත් කරන ලද ‘ආරක්ෂක සමාලෝචන 2020’ උපුටා දක්වමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පැවසුවේ සෞඛ්‍යය, පාරිසරික හා සමුද්‍රීය ආරක්ෂාව ඇතුළුව ජාතික ආරක්ෂාවට අදාළ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීම  මගින් වර්තමාන තත්වය  තුළ ඇති ප්‍රධාන ගැටළු සාම්ප්‍රදායික නොවන තර්ජන සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳව විශේෂ සඳහනක් කරමින් ගැටලුවේ හරය පිළිබඳව තවදුරටත් සොයා බැලීමට කදිම අවස්ථාවක් උදාකර දී තිබෙන බවයි.

“මෙම උත්සාහය නිසැකවම ආගමික අන්තවාදය, රැඩිකල්කරණය, අන්තවාදී රැඩිකල්කරණය සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීම නැවතීම සඳහා රජය ගෙන ඇති සටනට සහාය වේ”, යැයි ඔහු තවදුරටත් පැවසුවේය.

ජාතික ආරක්ෂක විෂය තුළ වර්තමාන තර්ජන හඳුනා ගැනීම සඳහා වන  ‘ආරක්ෂක සමාලෝචන 2020’ ගැන තවදුරටත් සඳහන් කරමින් ඔහු කියා සිටියේ, “ඉදිරිපත් කරන ලද විද්වත් පත්‍රිකා ද ආරක්ෂක සමාලෝචනය දියත් කිරීම සඳහා තබා ඇති අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදිවම පෙළ ගැසී තිබෙනවා.” යනුවෙනි.

‘ආරක්ෂක සමාලෝචන 2020’ සමාරම්භක ප්‍රධාන ආරාධිතයා  ලෙස  සහභාගී වෙමින් එහි ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව බත්තරමුල්ල ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙදී  ප්‍රකාශ කළේය.

මෙහිදී ආරක්ෂක ලේකම් වෙත ‘කොළඹ සම්මුතිය 2020’ පිළිබඳ අධ්‍යයන පත්‍රිකාවක් ද ඉදිරිපත් කරන ලදී.

ආරක්ෂක සමාලෝචන 2020 යනු දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද ලිපි හයක එකතුවකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ ඇමරිකා එක්සත් ජනපදය යන  රටවල විද්වතුන් මේ  සඳහා දායකත්වය දක්වන ලදී.

මෙහි ප්‍රථම වෙළුම 2017 දී එළිදක්වා ඇති අතර තුන්වන වෙළුම මෙවර ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිතුමන්ගේ   “සෞභාග්‍යය දැක්ම ” අනුව රටේ ජාතික ආරක්ෂාව සහතික කිරීම සඳහා වන ප්‍රධානම ඒකකය වන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරයක් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් ඉටුකරන අතර, ‘ආරක්ෂක සමාලෝචනය’ නිසැකවම අපගේ ජාතික ප්‍රයත්නය කෙරෙහි බෙහෙවින් ප්‍රශංසනීය බව ඔහු අවධාරණය කළේය.

රටේ ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කරන ලද පර්යේෂණ මගින් නවතම ආරක්ෂක වර්ධනයන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ  දායකත්වය පිළිබඳව සඳහන් කල  ජෙනරාල් ගුණරත්න අවධාරණය කලේ ‘ආරක්ෂක සමාලෝචන 2020’ දියත් කිරීම ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක ආශ්‍රිත අංශයන්හි අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය  විසින් සිදු කරන ලද පර්යේෂණ ආශ්‍රිත කෘතීන්හි තවත් එකතු කිරීමක් ලෙස සැලකෙන බවය”.

ආරක්ෂක සමාලෝචනයේ වටිනාම පුද්ගලයන් වන්නේ එහි විද්වතුන්ය‍. ඔවුන්ගේ කැපවීම සහ විවිධ විෂයයන් යටතේ පර්යේෂණ සඳහා වැය කළ වටිනා කාලය පිළිබඳව සඳහන් කරමින් ඔහු පැවසීය.

මෑතකදී අවසන් වූ 'කොළඹ කොන්ක්ලේව් 2020' ගැන සඳහන් කරමින්,   ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ ආරක්ෂක ආදර්ශයක් යන තේමාව යටතේ පැවති සමාරම්භක ජාතික සමුළුවට අදාළ අධ්‍යයන පත්‍රිකාවක් එළිදැක්වීමට ආයතනය ගත් පියවරත්,  'ආරක්ෂක සමාලෝචන 2020' දියත් කිරීමත් ප්‍රශංසනීය බව පවසමින් එවැනි වැදගත් සමුළුවකට අදාළ සාහිත්‍යය අනාගත වාර්තා කටයුතු සඳහා බෙහෙවින් අවශ්‍ය වන බැව් ඔහු පැවසීය.

සාම්ප්‍රදායික ජාතික ආරක්ෂක සංවාදය දේශීය හා ගෝලීය විශේෂඥ තාවයෙන් යුත් පුළුල් හා සහයෝගීතා වේදිකාවක් බවට පරිවර්තනය කිරීම සඳහා ‘ආරක්ෂක සමාලෝචන 2020’ සහ ‘කොළඹ කොන්ක්ලේව් 2020’ පිළිබඳ අධ්‍යයන පත්‍රය එළිදැක්වීම උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ජාතික ආරක්ෂක චින්තනයයි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහා පුළුල් පරාසයක් ආවරණය වන පරිදි ජාතික ආරක්ෂක පර්යේෂණ අධ්‍යයන මාලාවක දායකත්වය මෙම ආයතනය විසින් දක්වයි.

විදේශ අමාත්‍යාංශ ලේකම් හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) විසින් පිළිගැනීමේ දේශනය පැවැත්වීය.

මෙම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා ‘ආරක්ෂක සමාලෝචන 2020’ සහ ‘කොළඹ කොන්ක්ලේව් 2020’ පිළිබඳ අධ්‍යයන පත්‍රිකාව සහ සිහිවටනයක් ද ආරක්ෂක ලේකම් වෙත පිළිගැන්වීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, අතිරේක ලේකම් (ජාතික ආරක්ෂාව) සමන්ති වීරසිංහ, බ්‍රැන්ඩික්ස් සමූහ පරිපාලන ප්‍රධානී මේජර් ජෙනරාල් උදය පෙරේරා (විශ්‍රාමික), කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශ ප්‍රධානී ආචාර්ය මනීෂා පැස්කුවල්, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ  සන්නිවේදන අධ්‍යක්ෂ රියර් අද්මිරාල් දිමුතු  ගුණවර්ධන (විශ්‍රාමික), ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ පරිපාලන නිල්මිණි උල්විෂෙවා, කර්තෘ මණ්ඩලය සහ ශාස්ත්‍රඥයින් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද මෙහි  ආරාධිතයින්  අතර විය.