මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ - ආරක්ෂක ලේකම්

ජනවාරී 30, 2021
  • මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ අහිංසක තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරනු කෙරේ.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ සුළු වරදකරුවන් දීර්ඝ කාලයක් සිරකඳවුරු තුල තබාගැනීම වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර යහමගට ගැනීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිසංස්කරණ නුදුරේදීම හදුන්වාදෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (ජනවාරි 29) දින පැවසීය.

මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය වල සාම්පල නීතිමය කටයුතු සඳහා තබාගෙන ඉතිරි තොගය විනිසුරුවරයෙකුගේ නිර්දේශය මත වහාම විනාශ කිරීමට කටයුතු කරන අතර ඒ මගින් අයතා ගනුදෙනු සහ නිල බලතල අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සිදුවන බව ඔහු පැවසීය.

මෙම පියවරයන් සාධාරණීකරණය කරමින් ඔහු පවසා සිටියේ, නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම මෙන්ම අප අතර සිටින සතුරා ද අනාවරණය කරගන්නා බවයි.

නිට්ටඹුව, ‘නවදිගන්තය’ (ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සමාරම්භක උත්සවයේදී ජෙනරාල් ගුණරත්න (විශ්‍රාමික) මේ බව ප්‍රකාශ කළේය.

අත්තනගල්ල රාජ මහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නායක හිමියන් මෙම උදාර අරමුණ සඳහා අනුග්‍රහය දැක්වූ අතර තාක්ෂණික සහය සහ ශ්‍රමය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙන ලදි.

ජාතික ප්‍රයත්නය වැඩි කරමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙම ස්ථානයේදීම නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට අනුකූලව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් කරගෙන යනු ලබන ප්‍රතිකාර පදනම් කරගත් මෙම වැඩපිළිවෙළ මගින් තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ අවසන් කරනු ඇත.

මෙම අවස්ථාවට සමුපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගරු. ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සහභාගී වූහ.

මත්ද්‍රව්‍යවලින් තොර ජාතියක් ඇති කිරීම සඳහා වන ප්‍රයත්නය හා එහි කටුක බව සඳහන් කරමින් ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පවසා සිටියේ මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මෙවැනිම ගොඩනැගිලි අටක් පිහිටුවන බවයි.

“මගේ ධුර කාලය තුළ මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රම බලකාය ත්‍රිවිධ හමුදාවෙන් ලබා දෙනු ඇත” යනුවෙන් ඔහු අවධාරණය කර සිටියේය.

මෙම අදියර දියත් කිරීම සඳහා සහයෝගය දැක්වූ සියලු පරිත්‍යාගශීලීන්ට කෘතඥතාව පළ කරමින්, ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මෙම සමාජ මෙහෙවර තුලින් වරකට රැඳවියන් 60 දෙනෙකුට ප්‍රතිකාර කර ඔවුන් සමාජගත කිරීමට හැකිවන බවයි.

රැදවියන් 2,000 ක් සඳහා බන්ධනාගාර ඉඩපහසුකම් ඉහළ නැංවීම සඳහා වීරවිල ගොඩනැගිලි 20 ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සමඟ මෑතකදී පැවති සාකච්ඡාවක් උපුටා දක්වමින් ඔහු පැවසීය.

ජනාධිපති රාජපක්ෂගේ නායකත්වය යටතේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා සකස් කර ඇති ක්‍රියාවලිය අවධාරණය කරමින්, කුප්‍රකට පාතාල රජවරුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධී ගනුදෙනු නිෂ්ඵල බවත් එසේ වනුයේ ඔවුන් සඳහා ‘අධි ආරක්ෂිත බන්ධනාගාර’ පිහිටුවා ඇති නිසාවෙන් බවත් ඔහු පැවසීය.

“මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව, ප්‍රදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද අප විසින් අත්අඩංගුවට ගෙන තිබේ “, ඔහු තවදුරටත් පැවසුවේය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඇති පහසුකම් ප්‍රමාණවත් නොවන අතර මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම සහ රැඳවියන් 1000 ක් පමණ පුනරුත්ථාපනය කිරීම සඳහා අවශ්‍යතාවයක් පවතින බව ද ඔහු අවධාරණය කළේය.

මෙම සැසිවාරයේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය නැවත ආරම්භ කරන ලද අතර සිහිවටන ද ගරු ආචාර්ය පන්නිල ආනන්ද නායක හිමියන් වෙත සහ සහාය ලබා දුන් ආයතන වෙත පිළිගැන්වීය.

ක්‍රියාත්මක වෙමින් පවතින කාර්යයන් සඳහා පරිත්‍යාගයන් ලබා දීම ද සිදු විය.

මෙම උදාර කර්තව්‍යය සඳහා ආරක්ෂක ලේකම් 2020 ජුනි 26 දින මුල්ගල තැබීය.

මහා සංඝරත්නය, අතිරේක ලේකම් (ජාතික ආරක්ෂක) සමන්ති වීරසිංහ, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් පී.ඩබ්ලිව්. බී. ජයසුන්දර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්නාත් වෙලගෙදර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ (විශ්‍රාමික), එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිලිබඳ කාර්යාලයේ නියෝජිතයින්, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන් සහ පරිත්‍යාගශීලීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.