විශ්‍රාමික රණවිරුවන් සඳහා අභිමානවත් නිල ඇඳුමක්

පෙබරවාරි 03, 2021

විශ්‍රාමික රණවිරුවන් හට තම කීර්තිය සහ අභිමානය ආරක්ෂා කර ගනිමින් සමාජය තුළ ගෞරවාන්විත ලෙස ජීවත්වීමට අවකාශ ලැබිය යුතු බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (පෙබරවාරි 2) දින පැවසීය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහ සේවා මුක්ත භට සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහාය ඇතිව විශ්‍රාමික රණවිරුවන් සඳහා සුදුසු ඇඳුම් රෙගුලාසි මාලාවක් සම්පාදනය කල බව සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් අමතමින් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදී ආරක්ෂක ලේකම් පැවසිය.

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නිල ඇඳුම් රෙගුලාසි මාලාවක් හඳුන්වාදීම සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජෙනරාල් ගුණරත්න මහතා සහභාගී වූ අතර විශ්‍රාමික රණවිරුවන් සඳහා ජාතික වටිනාකමකින් යුත් අනුමත රාජ්‍ය උත්සව සඳහා සහභාගිවීමේදී පැළඳිය යුතු ඇඳුම් රෙගුලාසි මාලාව මෙහිදී හඳුන්වා දෙන ලදී.

මියගිය රණවිරුවන්ගේ ලගම ඥාතින් හට සේවා මුක්ත භට සංගමයේ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු ඇඳුමක සමඟ දකුණු පැත්තේ පදක්කම් පැළඳීමට අයිතිය තිබේ.

ජෙනරාල් ගුණරත්න ඇතුළු මෙම අවස්ථාවට සහභාගී වූ සේවාමුක්ත භට සංගමයේ සාමාජිකයින් මෙම ඇඳුම් රෙගුලාසි මාලාව අනුගමනය කරමින් සැරසී සිටින ලදී.

මාතෘ භූමියට කරන ලද අතිවිශිෂ්ට හමුදා සේවය අගය කරමින් ඔහු තවදුරටත් කියා සිටියේ, “එය ඉතා කටුක, දුෂ්කරතා රාශියක් මැද විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදුවූ සේවාවක් වන අතර අදටත් විවිධ මුහුණුවරින් අභියෝග එල්ල වෙමින් තිබේ”. යනුවෙනි.

දශක හතරකට පෙර සිට ඔවුන් කළ කාර්ය භාරය සිහිපත් කරමින් හිටපු සහ වත්මන් ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයින් “දිවයිනේ කුරිරු ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් මතු වූ දා සිට එයට එරෙහිව පැවති සටනේ අපි ඉදිරියෙන් සිටියෙමු”. යනුවෙන් සදහන් කරන ලදී. 

දශක ගනනාවක් තිස්සේ පැවති ත්‍රස්තවාදීන්ගේ කුරිරු ක්‍රියාකාරකම් මාලාවට ආරම්භයේ සිට අවසානය දක්වා අප මුහුණ දුන් බව ඔහු තවදුරටත් ප්‍රකාශකරන ලදී.

සාම සාකච්ඡා පැවති සමයේ සටන් විරාමය අතරතුර ත්‍රස්තවාදීන්ගේ ප්‍රකෝපකාරී ක්‍රියාකාරකම් විඳදරා ගනිමින් සෙබළුන් බැරැක්කතුලට වී සිටි බව ඔහු සදහන් කරන ලදී. 

දැඩි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වූ මායිම් ගම්මානවල අහිංසක සිවිල් වැසියන් බේරාගත් ආකාරය සිහිපත් කරමින් ඔහු තවදුරටත් සදහන් කර සිටියේ සටන් විරාම ගිවිසුම් කඩකරමින් ත‍්‍රස්තවාදීන් එල්ලකල බිහිසුණු ප‍්‍රහාරයන්ට අප මුහුණ දුන් බවය.  

මෙහිදී ආරක්ෂක ලේකම් කියා සිටියේ, “අපගේ ත්‍රිවිධ හමුදාව ජයග්‍රාහී හමුදාවක් බවට පරිවර්තනය කරමින්, අපේ මාතෘ භුමිය බේරාගනිමින් අපේ ජනතාවට එක් නීතියක් හා එක් ධජයක් යටතේ බියෙන් සැකෙන් තොරව හුස්ම ගැනීමට කාලය උදාකළ බවයි”.   

“ අපගේ අබාධිත රණවිරුවන්ට කාගෙවත් අනුකම්පාවක් අවශ්‍ය නොවේ. නමුත් ඔවුන්ගේ අභිමානය සහ ලැබිය යුතු ගෞරවය නොඅඩුව ලැබිය යුතුය” යනුවෙන් ඔහු පැවසීය. 

“හමුදාව යනු මිනීමරන සංවිධානයක් නොවන බවත්, මහජනතාව ආරක්ෂා කරමින් මහජනතාවට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කිරීම හමුදාවේ රාජකාරිය බවත්, තවමත් අපගේ රුධිරය තුල ඇත්තේ ඒ අරමුණ බවත්” ආරක්ෂක ලේකම් පැවසීය.  

නවතමයෙන් හදුන්වාදුන් ඇඳුම් ආයිත්තම් සංග්‍රහය පිළිබද සතුට පළකරමින් ඔහු ප්‍රකාශ කළේ, ජයග්‍රාහී හමුදා සාමාජිකයන් ලෙස විශ්‍රාම යාමෙන් පසුවත් උත්සව අවස්ථා වලදී මෙම හිස්වැසුම ඇඳීමට ලැබීම වරප්‍රසාදයක් බවත් ඒවා පැලදීමෙන් පසුව අප තුල පැවති සහෝදරත්වය යලි මතකයට එන බවත්ය.

සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික) සිය කතාවේදී සංගමයේ ඉදිරි ව්‍යාප්තිය හා ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය.   

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, සේවා මුක්ත භට සංගමයේ ලේකම් ලුතිතන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික), එම සංගමයේ සාමාජිකයින් සහ විශ්‍රාමලත් සහ දැනට සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.