පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම්ගේ නිරීක්ෂණයට

පෙබරවාරි 23, 2021

නව නිපැයුම්වල ප්‍රගතිය දැක බලා ගැනීම සඳහා ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඊයේ (පෙබරවාරි 22) පිටිපන පිහිටි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රේණුක රොවෙල් (විශ්‍රාමික) විසින් ආරක්ෂක ලේකම්වරයා පිළිගන්නා ලදි.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, රටේ පිරිවැය ඉතිරි කරමින් ඵලදායී නිර්මාණයන් නිපදවිමේ පුරෝගාමී ආයතනය වන අතර එහි නව නිපැයුම් ආරක්ෂක ලේකම්වරයාගේ අධික්‍ෂණය සඳහා ප්‍රදර්ශනය කෙරිණි.

අදාළ අංශ ප්‍රධානීන් විසින් එම අංශවල ප්‍රගතිය, නව සොයාගැනීම් සහ අනාගත සැලසුම් පිළිබඳව ලේකම්වරයාව දැනුවත් කරන ලදී.

මිනිස් මොළයේ තරංග මගින් පාලනය වන කෘතිම බාහුව, 'බ්ලැක් ස්පයි'- නියමු රහිත සැහැල්ලු ගුවන් යානා ගුවන්ගත නිරීක්ෂණ මෙහෙයුම් පද්ධතිය, 'ක්ෂේත්‍ර කාලතුවක්කු වෙඩි තැබීම් නිරීක්ෂකයන් පුහුණුකිරිමේ සමාකෘතිය', 'පැරෂුටි භටයන් පුහුණුකිරිමේ සමාකෘතිය', 'නියමුවන් රහිත ගුවන් යානා මගින් ගුවන් සිතියම්කරණය', 'බන්ධනාගාර සඳහා නිර්මාණය කර ඇති ජංගම දුරකථන ජැමර්ස්, වෙඩිකරු සහ රියදුරු පුහුණු සමාකෘතිය, 'වාහන රියදුරු පුහුණු සමාකෘතිය', 'ලේසර් නියමු රොකට් සහ මිසයිල පද්ධති සමාකෘතිය සහ 'ඩ්‍රෝන් ජැමර්' ද ප්‍රදර්ශනය කරන ලද නවීන පර්යේෂණ උපකරණ අතර වේ.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද විද්‍යාත්මක පර්යේෂණ ආරක්ෂක ලේකම්වරයාගේ පැසසුමට ලක්විය.

රටේ ප්‍රමුඛතම පර්යේෂණ අංශය වන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක හා නාගරික සංවර්ධන ලේකම්ව සිටියදී ක්‍රියාවට නැංවූ ඔහුගේම සංකල්පයකි.

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය රටේ අනාගතය වෙනුවෙන් විශිෂ්ඨ නිර්මාණ දායාද කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා ආරක්ෂක ලේකම් සහ මේජර් ජෙනරාල් රොවෙල් අතර සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

අතිරේක ලේකම් (ජාතික ආරක්ෂක) සමන්ති වීරසිංහ සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න මහතා සමඟ මෙම අවස්ථාවට සහභාගී විය.