ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර්තු 03, 2021

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රාකේෂ් කුමාර් සිං භහදුරියා සහ ශ්‍රි ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අතර හමුවක් අද (මාර්තු 03) අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ආරක්ෂක ලේකම්වරයා, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක ලේකම් සහ ඉන්දීය ගුවන් හමුදාපතිවරයා අතර සිහිවටන හුවමාරු කර ගැනීමක්ද සිදුවිය.