ශ්‍රි ලංකා බාලදක්‍ෂිකා සංගම් ධජය ආරක්‍ෂක ලේකම් වෙත පළඳවයි

මාර්තු 22, 2021

ශ්‍රී ලංකා බාලදක්‍ෂිකා සංගමයේ 104 වන සැමරුම් ධජය, බස්නාහිර පළාත් කොමසාරිස් මිරානි දිසානායක විසින් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මාර්තු 22) අමාත්‍යාංශයේ දී පළඳවනු ලැබීය.

බාලදක්‍ෂිකාවන් සමඟ පැවති සුහද සාකච්ඡාවකින් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයාට ධජය පැළඳවීම සිදුවිය.

සංගමයේ විධායක කමිටු සාමාජිකා නදීකා ගුණසේකරට අනුව, 2021 දී සංගමයේ 104 වන උපන් දිනය සැමරීම සඳහා මෙම ධජ පැළදවීම සිදුකෙරිණි.

පසුගිය වසර 103 තුළ මෙම සංගමය දිවයිනේ තරුණ ගැහැණු ළමයින් හා කාන්තාවන් සවිබල ගැන්වූ අතර විවිධ ව්‍යාපෘති හරහා පුද්ගලයින් ගණනාවකට සහාය වී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා බාලදක්‍ෂ සංගමයේ කොමසාරිස් (කොළඹ දිස්ත්‍රික්) ජයිසා ෂෙරිෆ්, කලාප කොමසාරිස් (ශ්‍රී ජයවර්ධනපුර) දර්ශනි සුරසේන සහ ශිෂ්‍යාවන් සහභාගී විය.