මුලතිව් පාසල් දරුවන්ට යුද හමුදාවෙන් පාසල් උපකරණ

අප්‍රේල් 05, 2021

මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් පාසල් උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද හමුදා 59 වන සේනාංකය විසින් සිසුන් විශාල පිරිසකට බෙදා දෙන ලදි.

ඒ අනුව උඩුප්පුකුලම් දෙමළ විද්‍යාලය, කෝකිලායි සිංහල විද්‍යාලය සහ අලම්පිල් රෝමානු කතෝලික විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ, පුස්තකාල පොත් සහ අධ්‍යයන ද්‍රව්‍ය ලබා දී ඇත.

ආගමික පූජකවරුන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන්, ගුරුවරුන් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට සහභාගී විය.