චීන තානාපති ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

අප්‍රේල් 09, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා චීන නියෝජිතයින් පිරිසක් අද (අප්‍රේල් 9) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරත විය.

ඒ අනුව ශ්‍රි ලංකා චීන තානාපති අතිගරු කිම් ශෙන්හොන්ග් ඇතුලු චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් ආරක්‍ෂක සේවා විද්‍යාලයේ සිදුකරමින් පවතින ඉදිකිරිම් ව්‍යාපෘති නිරික්‍ෂණය කරන ලදි.

මෙහිදි චීන තානාපති ශෙන්හොන්ග් මහතා විසින් පාසල් සිසුන් ඇතුලු කාර්ය මණ්ඩලයේ පරිහරණය සඳහා පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදි.

ආරක්‍ෂක සේවා විද්‍යාලයේ ඉදිරි වැඩ කටයුතු සදහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට චීන තානාපතිවරයා මෙහිදී සහතික විය.

චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග්, ආරක්‍ෂක සේවා විද්‍යාලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඩබ් ආර් පලිහක්කාර (විශ්‍රාමික), විදුහල්පති නිරෝෂන් ඕපාත, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ අවස්ථාව සඳහා සහභාගි විය.