ගුවන් භටයා නව වාර්තාවක් පිහිටුවයි

අප්‍රේල් 11, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර අද (අප්‍රේල් 11) දින නව ආසියානු පිහිනුම් වාර්ථාවක් සහ නව ශ්‍රී ලංකා වාර්ථාවක් පිහිටුවන ලදි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමාගේ පූර්ණ සහයෝගය හා මගපෙන්වීම යටතේ සිදු කල මෙම කර්තව්‍ය අප්‍රේල් මස 10 වන දින අළුයම 0200 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් ආරම්භ කල අතර ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර 59.3 ක දුරක් පිහිනා අද (අප්‍රේල් 11) දින පෙරවරු 0700 පැයට තලෙයිමන්නාරම් මුහුදු තීරයෙන් අවසන් කරන ලදි.

1971 වසරේදී කුමාර් ආනන්දන් විසින් පැය 51 කදී නිම කරමින් තබා තිබූ ආසියානු වාර්ථාව නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර විසින් අද දින අභිබවා ගිය අතර ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 28 විනාඩි 19 තත්පර 43 කි.

එසේම, තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කොඩි දක්වා පැය 10 විනාඩි 31 කදී පිහිනා නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර විසින් අද දින නව ශ්‍රී ලංකා පිහිනුම් වාර්ථාවක්ද පිහිටුවන ලදි.