දෙදින නිල සංචාරයකින් පසු චීන ආරක්ෂක ඇමති දිවයිනෙන් පිටත් වේ

අප්‍රේල් 29, 2021

චීන රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි සිය දෙදින නිල සංචාරය නිමකිරීමෙන් පසු අද (අප්‍රේල් 29) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගියේය.

පසුගිය අගහරුවාදා (අප්‍රේල් 27) දින සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි මෙම ඉහළ පෙළේ චීන ආරක්ෂක නියෝජිත පිරිස ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජිතයින් විසින් පිළිගන්නා ලදී.

මෙම සංචාරයේදී, ජෙනරල් ෆෙන්ග්හි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊයේ (අප්‍රේල් 28) දින හමුවෙන ලදී.

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සහ චීන නියෝජිතයින් අතර කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව හමුදාමය සහයෝගිතා පිළිවෙත (Military Assistance Protocol) නිල වශයෙන් අත්සන් තැබීමද මෙම සංචාරයේදී සිදුවිය.