මාධ්‍යවේදී රාජපක්‍ෂ රචිත ග්‍රන්ථ කිහිපයක් ආරක්‍ෂක ලේකම් වෙත පිළිගැන්වේ

මැයි 06, 2021

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු හා කතුවරයකු වන ඩී එස් එන් රාජපක්ෂ මහතා, ඔහු විසින් රචිත පොත් තුනක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත අද (මැයි 6) දින පිළිගැන්වීය.

‘ජනමාධ්‍යවේදීන් සඳහා ස්වයං ආචාරධර්ම පද්ධති යෝජනා මාලාව’,‘ජනමාධ්‍ය ආචාරධර්ම හා සදාචාරාත්මක ගැටලු’ සහ ‘ජනමාධ්‍ය ආචාරධර්ම’ යන මාධ්‍ය ආචාරධර්ම පදනම් වූ සිංහල භාෂාවෙන් රචිත පොත් ත්‍රිත්වය ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්විණි.

එහිදී ජෙනරාල් ගුණරත්න මහතා රාජපක්ෂ මහතා වෙත සිය සුබපැතුම් එක් කළේය.