වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා තවත් සීමාවන්

මැයි 10, 2021

මැයි මස 30 දක්වා සියලුම පළාත් අතර සංචරණ සීමාවන් පැනවීම, සියලු රැස්වීම් හා උත්සව අවලංගු කිරීම, වාණිජ ආයතන තුලට ඇතුළු වන සහ රැඳී සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව සීමා කිරීම සහ ආසාදිත පුද්ගලයින් විශාල වශයෙන් හඳුනාගත් ප්‍රදේශ හුදකලා කිරීම යන සීමාවන් පනවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙහිදී ජනජීවිත වලට බාධා ඇති නොවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

කොවිඩ් - 19 වසංගතය තුරන් කිරීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ කළ සාකච්ඡාවකදී ජනාධිපතිතුමන් මෙලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.