ආරක්‍ෂක ලේකම් ලංකා නැව් සංගම් නියෝජිතයන් හමුවෙයි

ජුලි 02, 2019

ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ (CASA) නියෝජිතයින් පිරිසක් සිකුරාදා (ජූනි 28) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී දේශීය නැව් නියෝජිතයින් මුහුණ දෙන ගැටළු රාශියක් පිළිබඳව අවධානය යොමු කල අතර නැව් නිශ්කාෂන ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ වරායට ඇතුළුවීමේ දී හා පිටවීමේ දී ඇතිවන ප්‍රමාදය අවම කිරීම පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ මහ ලේකම් රැල්ෆ් ආනන්දප්පා මහතා සමඟ පැමිණි එම සංගම් නියෝජිතයින් විසින් ඉදිරිපත් කරන ලද ගැටළු පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා විසින් වැඩිදුර කරුණු විමසීමෙන් අනතුරුව එම ගැටළු මඟහරවා ගැනීම සඳහා තම සහාය ලබාදෙන බවට සහතික විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හා වැඩ බලන හාබර් මාස්ටර් (Harbour Master) කපිතන් කේ එම් නිර්මාල් පී සිල්වා මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.