කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

මැයි 12, 2021

රජයේ කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම ආරම්භ කළේය.

අදාළ සෞඛ්‍ය බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාවේ සහාය ඇතිව එන්නත්කරණ ක්‍රියාවලිය ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී ඊයේ (මැයි 11) දින ආරම්භ විය.