දිවයින පුරා සති අන්තයේ සංචරණය සිමා කෙරේ

මැයි 12, 2021

කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා හෙට සිට සඳුදා දක්වා දිවයින පුරා සංචරණ තහනමක් පැනවෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව, හෙට (13) දින රාත්‍රී 11.00 සිට සඳුදා (17) දින පෙරවරු 4.00 දක්වා සියලු සංචරණයන් තහනම් වේ.

කෙසේ වෙතත්, බස්නාහිර පළාතේ දැනට පවතින එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව සිදුකරන බවත්, ඉහත සඳහන් කාල සීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට අවසර ලබා දෙන බවත් ඔහු පැවසීය.