නවතමයෙන් හුදෙකලා කළ සහ හුදකලා වීමෙන් නිදහස් වන ප්‍රදේශ

මැයි 13, 2021

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (මැයි 13) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල අලුතින් හුදෙකලා කළ ග්‍රාම නිලධාරි කොට්ඨාස සහ හුදකලා වීමෙන් නිදහස් වූ ප්‍රදේශ ප්‍රකාශයට පත් කළේය.

අලුතින් හුදෙකලා කරන ලද ප්‍රදේශ;

ගම්පහ දිස්ත්‍රික්කය (දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශය)
     •    පළුගහවෙල ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

ගාල්ල දිස්ත්‍රික්කය (අහංගම පොලිස් බල ප්‍රදේශය)
     •    කරන්ඳුගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    ගොවියාපාන ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    කහවැන්නගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    දොම්මන්ගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

ගාල්ල දිස්ත්‍රික්කය ( හබරාදූව පොලිස් බල ප්‍රදේශය)
     •    ලනු මෝදර ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    බොනවිස්ටා ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    කටුකුරුන්ද ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

රත්නපුර දිස්ත්‍රික්කය ( පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය)
     •    දෙනවක පාතකන්ද ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    දිප්පිටිගල ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

රත්නපුර දිස්ත්‍රික්කය ( කුරුවිට  පොලිස් බල ප්‍රදේශය)
     •    කුරුවිට ග්‍රාම නිලධාරි කොට්ඨාසය  
     •    දෙල්ගමුව නගරය ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

හුදකලා වීමෙන් නිදහස් වූ ප්‍රදේශ;  

කොළඹ, අම්පාර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පහත දැක්වෙන ග්‍රාම නිලධාරි කොට්ඨාසයන් සඳහා පනවා තිබූ හුදකලා තත්ත්වය අද සිට ඉවත් කර ඇත:

කොළඹ දිස්ත්‍රික්කය (පාදුක්ක පොලිස් බල ප්‍රදේශය)
     •    උග්ගල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

අම්පාර දිස්ත්‍රික්කය (දෙහිඅත්තකණ්ඩිය පොලිස් බල ප්‍රදේශය)
     •    දෙහිඅත්තකණ්ඩිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය  

නුවරඑළිය දිස්ත්‍රික්කය (හැටන් පොලිස් බල ප්‍රදේශය)
     •    ෆෝඩෙඉස් වත්ත ගොනගල්ල ප්‍රදේශය
     •    ෆෝඩෙඉස් වත්ත අක්කර 30 ප්‍රදේශය