අබුඩාබි හි පැවති විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඔලිම්පික් උළෙල 2019 හි ජයග්‍රාහකයන්ට උපහාර

මාර්තු 27, 2019

ඩුබායි හා අබුඩාබිහිදි පසුගිය දා පැවති විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ක්‍රීඩා තරඟාවලියේ ශ්‍රි ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරිමේ උත්සවයක් සදුදා (මාර්තු 25) දින ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රෙය්දී පැවැත්විණි.

මාර්තු 14 දින සිට 21 දින දක්වා ඩුබායි සහ අබුදාබිහි දී පැවති මෙම විශේෂ ඔලිම්පික් තරඟාවලිය සඳහා රටවල් 190 ක විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7500 ක් පමණ සහභාගී වි ඇත.

මෙහිදී ශ්‍රි ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02ක් ද රිදි පදක්කම් 04 ක් ද දිනාගන්නා ලදී.

පදක්කම් ලැබු විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුලු සමස්ථ තරඟාවලිය සඳහා සහභාගී වු සියලු දෙනා වෙත අමාත්‍යතුමන් විසින් මුල්‍යමය ත්‍යාග පිරිනමන ලදී. මෙහිදි අදහස් දැක්වු ජන මාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නැංවීම සඳහා ක්‍රිඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඒ සඳහා අවැසි ඉදිරි වැඩපිළිවෙලක් සකස් කරන බවත්, මෙරටට කීර්තියක් අත්කර දුන් දරුවන් වෙත සිය ප්‍රණාමය පුදකරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ නිලධාරීන් සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ද සහභාගී වූහ.