ආරක්‍ෂක අමාත්‍යාංශ සුභසාධක සමිතිය මගින් උපහාර උළෙලක් පවත්වයි

ජුනි 28, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ රාජකාරී කර විශ්‍රාම ලැබූ, ස්ථාන මාරු ලබා ගිය නිලධාරීන්ට හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන්ගේ 2018 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස (සා/පෙ) සමත් හා අ.පො.ස (උ/පෙ) සමත් විශ්ව විද්‍යාල වරම් ලද සිසු දරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් ඊයේ (ජුනි 27) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගීවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් තුමන්ගේ අනුශාසකත්වයෙන් හා සුභසාධක සමිතියේ සභාපති අතිරේක ලේකම් (පරිපාලන) ඩබ්ලිව් ඒ කුලසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී