ආරක්‍ෂක ලේකම් මිහිඳු සෙත් මැදුරේ පැවති රස මොහොත වැඩසටහනට සහභාගි වේ

ජුලි 15, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සෝනියා කොට්ටෙගොඩ මහත්මිය ඉරිදා (ජුලි 14) දින අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ පැවති ‘රස මොහොත’ වැඩසටහන සඳහා සහභාගී විය.

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘රස මොහොත’ ජනප්‍රිය සංගීත වැඩසටහනේ එක් කොටසක් ආබාධිත රණවිරුවන්ට ප්‍රතිකාර සහ රැකවරණය ලබා දෙන්නාවූ මිහිඳු සෙත් මැදුරේදී පටිගත කරන ලදී.

සංගීත වැඩසටහන අතරතුර මිහිඳු සෙත් මැදුරේ නේවාසික ප්‍රතිකාර ලබන ආබාධිත රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද විශේෂ සිහිවටනයක් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සංචාරය සිහිවීම වස් පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා මිහිදු සෙත් මැදුරේ අධ්‍යක්ෂක, අනෙකුත් නිලධාරීන් සහ ආබාධිත රණවිරුවන් සහභාගී විය