ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජුනි 24, 2019

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.ඒ.පී.එන්. දෙමටන්පිටිය අද (ජූනි 24 ) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් අතර සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය