ශ්‍රී ලංකා වාසී ජනතාවගේ ආරක්‍ෂාව සහතික කර ඇති අතර සංචාරය කිරීම සදහා රට ආරක්‍ෂිත වේ

අගෝස්තු 04, 2019

අවාසනාවන්ත අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව රටේ ආරක්‍ෂාව සහ ජනතාවගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා රජය විසින් අවශ්‍ය සියලු ආරක්‍ෂක විධිවිධාන ගෙන ඇත. පූජනීය ස්ථාන, පොදු ස්ථාන, සංචාරක ස්ථාන, රාජ්‍ය ආයතන, ගුවන්තොටුපල, වරාය, රෝහල් ආදිය සඳහා ආරක්‍ෂාව සැපයීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය,  බුද්ධි අංශ සහ අනෙකුත් රාජ්‍ය ආරක්‍ෂක ආයතන සමඟ විශේෂ දිවයින පුරා පූර්ව ආරක්‍ෂක පියවරයන් ගෙන තිබේ.

මෙම ආරක්‍ෂක විධිවිධාන හේතුවෙන් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බොහෝ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ආරක්ෂිත නිවාස වැටලීමට ලක්විය. සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම රටට පැමිණෙන විදේශීය ජාතිකයන්ගේ ආරක්‍ෂාව ආරක්‍ෂක අංශ සහ පොලීසිය විසින් තහවුරු කර ඇත.

කෙසේවෙතත්, එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිවාඩු කාලය තුළ සිය සංචාරකයින් සඳහා සාමාන්‍යයෙන් නිකුත් කරන සංචාරක උපදේශන පියවරක් ලෙස සංචාරක අනතුරු ඇඟවීම් වැඩි කර ඇති අතර ගමන් බිමන් වලදී අමතර සැලකිල්ලක් දක්වන ලෙස ඉල්ලා සිටියි. රටේ ආරක්‍ෂාව තවදුරටත් තහවුරු කර ඇත.

ඉතාමත් කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ රටක් ලෙස එම යුද්ධයේ පෙරමුණ ගෙන සිටි ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවන් ජනතාවගේ උපරිම ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා පවසයි. රටේ ආරක්‍ෂාව පිළිබඳව තහවුරු කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමති ඕනෑම අයෙකුට කිසිදු බියකින් තොරව සංචාරය කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය විසින් නිකුත් කරන ලද නවතම ට්විට් පණිවිඩය සඳහා මෙතැන ක්ලික් කරන්න :

https://twitter.com/USAmbSLM?ref_src=twsrc%5Egoogle%7Ctwcamp%5Eserp%7Ctwgr%5Eauthor