නවසීලන්ත මහ කොමසාරිස්වරිය ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 07, 2019

නවසීලන්ත මහ කොමසාරිස්වරිය වන ජොආනා කෙම්ප්කර්ස් (H E Mrs. Joanna Kempkers) මහත්මිය අද (අගෝස්තු 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ නවසීලන්ත මහ කොමසාරිස්වරිය අතර ද්විපාර්ශ්වීය වැදගත්කමක් සහිත කරුණු සහ අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබඳව සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.

එම අවස්ථාව සිහිවනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය