ආරක්‍ෂක ලේකම් දේශීය ගුවන් සේවා අංශ නියෝජිතයින් හමුවෙයි

අගෝස්තු 09, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහ පෞද්ගලික ගුවන් යානා හිමිකරුවන් සහ ක්‍රියාකරුවන් ඇතුළු දේශීය ගුවන් සේවා අංශය නියෝජිතයින් අතර සාකච්ඡාවක් ඊයේ (අගෝස්තු 08) දින සවස අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

අපේ‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව පැන නැගී ඇති ආරක්‍ෂක ගැටළු සහ දුෂ්කරතා නිසා ගුවන් යානා සහ හෙළිකොප්ටර් ක්‍රියාකරුවන්, ගුවන් පුහුණු ආයතන මුහුණ දෙන දුෂ්කරතාවයන් ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡාව සදහා නියෝජිත කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලදී. ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ඔවුන්ගේ ගැටළු වලට සවන්දීමෙන් අනතුරුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන පරිදි ඔවුන් මුහුණ දෙන ගැටලුවලට කල්පවත්නා විසඳුම් සෙවීමේ ක්‍රම පිලිබදව සාකච්ඡා කරණ ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී, සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මහවැලි අධිකාරිය, ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරිය සහ අනෙකුත් රේඛීය නියෝජිතයින් මේ සදහා සහභාගී විය