ගම්පහ ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්‍ෂක වැඩමුළුවක්

අගෝස්තු 13, 2019

ජලයෙන් ආරක්‍ෂා වීම, දියේ ගිලීම වැලැක්වීම සහ ප්‍රථමාධාර පිළිබඳව සිවිල් වැසියන් හා විශේෂයෙන්ම ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක ජීවිතාරක්‍ෂක පුහුණු පාසල විසින් ජීවිතාරක්‍ෂක සහ දියේ ගිලී යාම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වන ලදී.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක මාධ්‍යයට අනුව ජනාධිපති මහලේකම් කාර්යාලයේ මගපෙන්වීම අනුව රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන පවත්වා ඇත.

පමුණුගම, දික්ඕවිට, හැඳල, දූව සහ පිටිපන ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජූලි 30 සහ අගෝස්තු 04 දිනවල මෙම වැඩමුළු පවත්වා ඇත.

වැඩමුළුව සඳහා සිවිල් වැසියන්, රාජ්‍ය නිලධාරීන් හා පලාත් පාලන නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ