අඩු ආදයම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබේ

අගෝස්තු 13, 2019

ශ්‍රී ලංකා යුධ හමුදා සහයෝගීතා සමාජ වගකීමේ ව්‍යාපෘතිය යටතේ වන්නි ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු 08) වන දින උරාව මහසෙන්පුර ප්‍රදේශයේදී පැවති බව යුධ හමුදා මාධ්‍ය පවසයි.

මෙම නිවස ආරක්‍ෂක සේනා මූලස්ථානය වන්නි විසින් සහයෝගීතා සමාජ වගකීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන 11 වෙනි නිවසයි. වව්නියාව ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත දුෂ්කර ගම්මානයක ජීවත්වන එන්.ජී. කරුණාරත්න ඉදිකරන නව නිවසේ හිමිකරුය. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි දානපතියකු මූල්‍යමය දායකත්වය සපයයි.

විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවාලීමේ අරමුණින් යුධ හමුදාව සිදුකරන මෙවැනි මහජන සුභසාධන වැඩපිළිවෙලවල් තුළින් පවුල් විශාල සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත.

පසුගිය සතියේ පැවති මෙම මුල්ගල් තැබීමේ උත්සවයට ඡ්‍යේෂ්ඨ යුධ හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් හා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සහභාගී විය