බෙල්ලන්විල පෙරහැරේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්තුමන් විශේෂ රැස්වීමක් කැඳවයි

අගෝස්තු 23, 2019

අද (අගෝස්තු 23) දින එළඹෙන බෙල්ලන්විල ඇසල පෙරහැරේ ආරක්ෂක විධිවිධානයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ(විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් විශේෂ රැස්වීමක් කැඳවන ලදී. මෙම රැස්වීමට ආරක්ෂක අංශ සහ පොලීසියේ නිලධාරීන් සහභාගී වූහ.

ආරක්‍ෂක ලේකම්වරයා පැමිණ සිටි අය සමඟ ආරක්ෂක සැලැස්ම පිළිබඳව සාකච්ඡා කළ අතර පෙරහැර කාල සීමාව තුළ උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ සියළු පියවරන් ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.