ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් වියළි සලාක බෙදාදෙයි

අගෝස්තු 24, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද සුභසාධන වැඩසටහනකදී රටේ දකුණු ප්‍රදේශයේ වෙසෙන අගහිඟකම් ඇති පවුල් කිහිපයක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය. යුද හමුදා මාධ්‍යයට අනුව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සම්බන්ධීකරණය කරන ලද වියළි සලාක බෙදාදීමේ වැඩසටහනේදී හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත හමුදා භට පිරිස් විසින් සුදුසුකම් ලත් පවුල් 100 ක් සදහා වියළි සලාක බෙදාදෙනු ලැබීය.

දේශීය දානපතියෙකුගේ අනුග්‍රාහකත්වය මත වීරවිල ප්‍රාථමික විද්‍යාලයේදී බ්‍රහස්පතින්දා (අගෝස්තු 22) දින පැවති උත්සවයකදී වියළි සලාක බෙදාදෙන ලදී.

වියළි සලාක පාර්සල් වල සහල්, කරවල, වියළි මිරිස්, මුං ඇට, කඩල, තේ කොළ, පොල්, පරිප්පු ආදිය ඇතුළත් විය.

මෙම අවස්ථාවට 12 වන සේනාංකයේ සේනාංකාධිපති, 122 වන බලසේනාවේ බලසේනාධිපති සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විය.