ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සාකච්ඡාවක් පවත්වයි

අගෝස්තු 25, 2019

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) විසින් පවත්වනු ලබන මාසික ආරක්‍ෂක සාකච්ඡාවේ තවත් කොටසක් අඟහරුවාදා (අගෝස්තු 27) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආරාධිත කථිකයා ලෙස පැමිණි මහාචාර්ය වෝල්ටර් රසල් මීඩ් “ ට්‍රම්ප් යුගයේ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය” යන තේමාව යටතේ ඊයේ සවස මෙම දේශනය ආරක්‍ෂක සාකච්චාවේදී පැවැත්වීය.

ආරාධිත කථිකයාවූ ගේ මහාචාර්ය මීඩ් මහතාගේ ඉදිරිපත් කිරීම අවසානයේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් එතුමන් වෙත සමරු සිහිවටනයක් ප්‍රධානය කරන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ විශේෂ ආරාධිත අමුත්තන් සහභාගී විය.