ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 27, 2019

ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සදුදා (අගෝස්තු 26) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය. මේජර් ජෙනරාල් උරම්කුමාරත් සුරේෂ් කුමාර්ගේ (Major General Uramkumarath Suresh Kumar) නායකත්වයෙන් යුත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස ආරක්ෂක ලේකම්වරයා සමඟ සුහද සාකච්ඡාවක් සහ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්වීය.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිලිණ හුවමාරුවක්ද සිදු විය.

ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත කණ්ඩායම අධ්‍යයන චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටී.