යාපනයේ ගුරුවරුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

අගෝස්තු 27, 2019

යාපනයේ වේලනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගුරුවරුන් සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වන ලදී. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ “රට වෙනුවෙන් එකට සිටිමු” සංකල්පයට අනුව මෙම වැඩසටහන වේලනි සරස්වති විද්‍යාලයේදි පසුගිය සිකුරාදා (අගෝස්තු 23) දින පැවැත්වූ බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ආවරණය වන පරිදි අගෝස්තු 23 වන දින සිට අගෝස්තු 30 දින දක්වා සිදු කෙරේ.නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම මත පවත්වනු ලබන මෙම වැඩසටහනේ අරමුණ මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා තරුණ පරම්පරාවට මත්ද්‍රව්‍ය වලින් සිදුවන හානිකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමයි