අනතුරට පත් නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය

අගෝස්තු 27, 2019

වරාය පාලන අංශය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ පෙරවරුවේ (අගෝස්තු 26) ඉන්ධන ප්‍රවාහන නෞකාවක අනතුරට ලක්වු නාවිකයෙකු ගොඩබිමට ගෙන ඒම සඳහා සිය වේග ප්‍රහාරක යාත්‍රාවක් (FAC) පිටත් කර යවා ඇත. නාවික හමුදා මාධ්‍යට අනුව නෞකාවේ සේවය කරමින් සිටියදී මෙම නැවියා අනතුරකට ලක්වීම නිසා තුවාල සිදු වී ඇත.

කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 12.5 ක් පමණ දුරක තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාව වෙත ළගාවූ නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව තුවාල ලැබූ පුද්ගලයා නිරුපද්‍රිතව කොළඹ වරාය වෙත රැගෙන ඒමෙන් පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇත.