රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපතිට පිළිගන්වයි

අගෝස්තු 28, 2019

රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා මෙම නව තාක්ෂණික උපකරණය ආචාර්ය Evgeny Usachev මහතාගේ නිර්මාණයකි.

ආචාර්ය Evgeny Usachev මහතා විසින් යන්ත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වු අතර රුසියානු විද්‍යාඥ Olgo Usacheva ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති Yury B. Materiy ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණවර්ධන, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දවුලාගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය