සැම්බියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 27, 2019

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සැම්බියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීපන් සිමුසන්දු (Brigadier General Stephen SIMUSANDU) මහතා අගහරුවාදා (අගෝ 27) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

ආරක්‍ෂක ලේකම් වරයා සහ සැම්බියානු ආරක්‍ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශවීය වශයෙන් වැදගත්වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක්ද පැවැත්විණි.

එම අවස්ථාව සමරනු වස් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය