කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට බර ඉසිලීමේ ජයග්‍රහණයක්

අගෝස්තු 28, 2019

විවෘත ශක්ති බර ඉසිලීමේ තරගාවලිය - 2019 සදහා සහභාගී වූ ජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ කණ්ඩායම සමස්ත පිරිමි ශූරයන් බවට පත්විය. තරගාවලිය අගෝස්තු මස 11 වන දින සහ 12 වන දින බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී පැවැත්විණි.

වාද්දුව ශක්ති ක්‍රීඩා සමාජය සංවි‍ධානය කල තරගාවලිය ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් මෙහෙයවූ අතර තරඟකරුවන් 150 කට අධික පිරිසක් මේ සදහා සහභාගී විය.

කි.ග්‍රෑ. 59, කි.ග්‍රෑ. 66, කි.ග්‍රෑ.74, කි.ග්‍රෑ.83, කි.ග්‍රෑ.93, කි.ග්‍රෑ.105, කි.ග්‍රෑ.120 සහ කි.ග්‍රෑ.120 සහ ඊට ඉහළ බර පංති යටතේ බර ඉසිලීමේ ඉසව් පැවැත්විණි. කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ කණ්ඩායම රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනා ගනිමින් සමස්ත පිරිමි ශූරයන් බවට පත්විය.