රුසියානු දූත පිරිස ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 27, 2019

රුසියානු විද්‍යාඥ ආචාර්ය Evegeny Usachev ඇතුළු රුසියානු නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා අගහරුවාදා (අගෝස්තු 27) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය

නියෝජිත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා සමඟ සුහද සාකච්ඡාවක්ද පැවැත්වීය.

ඊයේ සවස පැවති සාකච්ඡාව සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් ටී ජේ කොඩිතුවක්කු මහතා ද සහභාගී විය.

මීට පෙර ආචාර්ය Evegeny Usachev මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමන් හමුවී ඇමරිකානු ඩොලර් 50,000.00 ක් වටිනා පුපුරණ ද්‍රව්‍ය,විකිරණ සහ රසායනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක් පරිත්‍යාග කළේය