ගජබා සුපර්ක්‍රොස් - 2019 සාලියපුර මෝටර් රථ ධාවන පථයේදී අති සාර්ථකව

සැප්තැම්බර් 01, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද “ගජබා සුපර්ක්‍රොස් - 2019”, මෝටර් රථ ධාවන තරගාවලිය අද (සැප්තැම්බර් 01) අනුරාධපුර පිහිටි සාලියපුර ගජබා රෙජිමේන්තු මෝටර් රථ ධාවන පථයේ දී ආරම්භ විය.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සංගමයේ (SLADA) සහයෝගයෙන් පැවැත්වෙන මෙම මෝටර් රථ ධාවන තරගාවලිය මෙරට තුල පැවැත්වෙන ප්‍රධාන මෝටර් රථ ධාවන තරගවලින් එකකි.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ ගජබා රෙජිමේන්තු මෝටර් රථ ධාවන පථයේ දී පළමු තරඟය ආරම්භ කරමින් මෝටර් රථ ධාවන තරගාවලියේ ආරම්භය සනිටුහන් කරන ලදී.

මෙවර ධාවන තරගාවලියේ ඉසව් 24 ක් සඳහා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වේ.